Gossips

තංගල්ලේ නිවසක් හදිසියේ ගිනි ගනී

තංගල්ල දංකැටිය ප්‍රදේශයේ නිවෙසක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.
අද(02) උදෑසන 10ට පමණ ඇතිවූ මේ ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තංගල්ල නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවීමට කටයුතු කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිස් වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.