Gossips

වැඩිමල් සොහොයුරාගේ ප්‍රහාරයෙන් බාල සොහොයුරා මරුට

තම සොහොයුරා විසින් එල්ලකර සිමෙන්ති ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ ඔහු ඉමදූව දිසා රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ අඟුළුගහ ඇත්තලහේන ප්‍රදේශයේ පදිංචි අවිවාහක 32 හැවිරිදි තරුණයෙක්.
පෙදරේරුවකු වන ඔහුගේ වැඩිමල් සොහොයුරා කොළඹ ප්‍රදේශයේ සිට පසුගියදිනක එම නිවසට පැමිණ තිබෙනවා.
එහිදී 01 වනදා වැඩිමල් සොහොයුරා විසින් මිතුරන් පිරිසක් සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
අනතුරුව එදින රාත්‍රියේ බාල සොහොයුරා වෙළඳසැලකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදීයි වැඩිමල් සොහොයුරා විසින් සිමේන්ති ගලකින් පහර දී ඇත්තේ.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිමල් සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හබරාදුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන් සිදුකරන්නේ.