Gossips

ගලේවෙල අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ගලේවෙල – යටිගල්පොත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දෙමටඔය ප්‍රදේශයේ පදිංචි ගලේවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 47 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.