Gossips

කළුතර වෙඩි තැබීම මත්කුඩු ආරවුලක් – සැකකරුවන් හඳුනා ගනී

කළුතර – උතුර තොටුපළ මංසන්ධියේදී හෝටල් ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට හේතුව මත්කුඩු ආරවුලක් බවට සැක කරන බව පොලිසිය පවසනවා.
ඊයේ රාත්‍රී 10.35ට පමණ මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳ සමඟ නිවසේ සිට ඔහුගේ හෝටලය බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති තිබුණා.
වෙඩි වැදීමෙන් තුවාල ලබු කළුතර – උතුර ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා මේ වන විට කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම ව්‍යාපාරිකයාට ගිනි අවි ළඟ තබා ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුකර පළා ගිය සැකකරුවන් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සහ ව්‍යාපාරිකයා දැනට ඩුබායි හි සිටින පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජිගේ ගොලයන් ද වන බවයි.
මේ අතර, ඊයේ දිනයේදී කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ද පොලීසිය මේ වනවිට කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.