Gossips

මුතුරාජවෙල රක්ෂිතයේ ගින්න නිවා දැමීමට ගුවන් හමුදා සහය

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හට ගත් ගින්න නිවා දැමීම සඳහා එම්.අයි – 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.
ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිටත් එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් ඇති බවයි.
ඊයේ පස්වරුවේ හට ගත් ගින්න තවමත් පවතින බවටයි වාර්තා වන්නේ.
ගින්න නිවා දැමීම සඳහා වත්තල, පමුණුගම යන පොලිස් ස්ථාන මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා.