Gossips

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

රත්නපුර – දෙයියන්නේගම ප්‍රදේශයේදී දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
අද අලූයම මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේවාලගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
කලක සිට පවතින ආරවුලක් ඝාතනය හේතු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර ,ගාල්ල – උඩුගම, කුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ඊයේ සොයාගෙන තිබෙනවා.
සිදුකරන ලද පරික්ෂණ වලින් අනාවරණය වි ඇත්තේ ගෙල මිරිකා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.
එමෙන්ම, මීගමුව – ගල්කන්ද මංසන්ධිය අසලදී යතුරුපැදියක ගමන් ගත් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළි යාමෙන් 18 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබෙනවා.
ගෙවුණු පැය 24 තුළ පුද්ගල ඝාතන සහ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
රත්නපුර, හබරාදුව සහ උඩුගම යන ප්‍රදේශවලින් මෙම පුද්ගල ඝාතන වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.