Gossips

ලක්ෂපාන ඇල්ල පාමුල දිය නාමින් සිටි 29 හැවිරිදි විදෙස් තරුණයෙක් මරුට

ලක්ෂපාන දිය ඇල්ල පාමුල අනාරක්ෂිත දිය වලක දිය නාමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ OLDIPUPO EYIPEMI OSHUNNIYA නමැති 29 හැවිරිදි බ්‍රිතාන්‍යය කළු ජාතික අවිවාහක තරුණයෙක්.
මියගිය විදේශික තරුණයා ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් කිහිප දෙනෙකු සමග නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කන්ද පාමුල පිහිටි ටෙබර්ටන් වත්තේ පිහිටි සංචාරක ලැගුම්හලකට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණ නවාතැන් ගෙන තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ මියගිය විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය සහ මිතුරන් සමග පස්වරු 2 ට පමණ ලක්ෂපාන දිය ඇල්ල පාමුල ගැඹුරු වලේ දියනාමින් සිටියදී ඔහු එකවරම අතුරුදහන් වි ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව එම තරුණයාගේ මිතුරන් ප්‍රදේශවාසින් සහ නෝටන්බ්‍රිජ් පොලිසිය එක්ව දියවලේ සිදුකල සොදිසි මෙහෙයුමකදි අතරුදහන්වු විදේශ තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර මිය ගිය තරුණයා සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසියයි වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ.