Gossips

පුලියන්කුලමේදී බෑගයක් තුළ තිබී ගිනි අවි හමුවෙයි (ඡායාරූප)

වව්නියාව – පුලියන්කුලම – පුදුර් කැළෑබඳ ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙකු දමා ගිය ගමන් මල්ලක තිබී යුද උපකරණ තොගයක් හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (01) රාත්‍රියේ සැකකටයුතු පුද්ගලයෙකු පුදුර් – නාගතන්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන් කරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව සැකකරු ගමන් මල්ල අතරමඟ දමා කැළෑබඳ ප්‍රදේශයට පැන ගොස් තිබෙනවා.
ඒ අනුව ගමන් මල්ල සෝදිසි කිරීමේදී එහි තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ 18ක්, පතොරොම් ගැබක් සහ ජීව අත්බෝම්බ 4ක් හමුවූ බවයි පොලීසිය සඳහන් කළේ.
පළා ගිය සැකකරු සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය