Gossips

සම අයිතීන් වෙනුවෙන් කේරළයේ කාන්තාවන් වීථි බසී

සම අයිතීන් වෙනුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාන්තාවන් කිලෝමීටර් 620ක් දිග මිනිස් දම් වැළක් ලෙස පෙනී සිටිමින් විරෝධතාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබරිමලේ නැමැති කෝවිල වන්දනා කිරීමට වයස අවුරුදු 10ත්, 50ත් අතර කාන්තාවන්ට අවසර ලබා නොදීමයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කෝවිල වන්දනා කිරීමට ඉන්දීය අධිකරණය මගින් අවසර ලබාදී තිබුණ ද එය වන්දනා කරන කාන්තාවන්ට තවදුරටත් පහරදීම් සිදුවන බවයි.