Gossips

2018 මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 95,000 ක් අත්අඩංගුවට

2018 වසර තුළ මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පුද්ගලයින් 95,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ පසුගිය වසර තුල පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 736 ක් සොයා ගෙන ඇති බවයි.
ඊට අදාළව පුද්ගලයින් 40,860 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව, කේරළ ගංජා කිලෝග්‍රෑම් 4585 ක්, සොයා ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 54,575 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලදී කොකේන් කිලෝග්‍රෑම් 19 ක් ද, සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 17 ක්. වැටලීම් වලදී හෂීස් කිලෝග්‍රෑම් 13 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැණුනා.
ඊට අදාළව පුද්ගලයින් 86 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙතෆෙටමයින් හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ක් සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 259 ක්.