Gossips

නොසන්සුන් සුබ පැතුම ඇමරිකාව හකුලා ගනී

නව අවුරුදු උදාවේ නිව්යෝක් නුවරට පතිත වන සංකේතයට වඩා ප්‍රබල යමක් හෙළිය හැකි බවට ඇමරිකානු හමුදාවේ ක්‍රමෝපාය විධානය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබෙනවා.
එම ට්විටර් පණිවුඩය සමග එක් කළ වීඩියෝ පටයකින් දැක්වුණේ බී – 2 වර්ගයේ දැවැන්ත බෝම්බ ප්‍රහාරක යානයකින් න්‍යෂ්ටික බෝම්බ හෙළන ආකාරය සහ දැවැන්ත පිපුරුමක් සිදුවන ආකාරයයි.
එහෙත් ඊට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර, ඉන් එක් ග්‍රාහකයෙකු පවසා ඇත්තේ ඇමරිකානු හමුදාව න්‍යෂ්ටික යුද්ධය හාස්‍යයක් ලෙස සැලකීම ලජ්ජාසහගත කරුණක් බවයි.
කෙසේ නමුත්, ඇමරිකානු හමුදා ක්‍රමෝපාය විධානය පසුව එම ට්විටර් පණිවුඩය ඉවත් කර ගෙන ඇත්තේ ඒ පිළිබදව සමාව අයදිමින්.