උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) දහවල් කිලිනොච්චියට පැමිණ තිබෙනවා.
සහනාධාර රැගෙන අද(01) උදෑසන කොළඹින් පිටත් වූ මෙම විශේෂ දුම්රිය කිලිනොච්චියේදී පිළිගනු ලැබුවේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා විසින්.
මෙලෙස රැගෙන ගිය සහනාධාර තොගය අද සිට ගංවතුරින් පීඩාවට පත් වූ ජනතාව අතර බෙදාදීමට විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු පැවසුවේ.


