Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට අද ඇප හිමිවුණා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.
එහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
මීට අමතරව ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණු අතර, ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.