Gossips

ලැබුණු අභියෝගයට හොඳින් මුහුණ දෙන්න ලෑස්ති – ලසිත් මාලිංග

2020 වසරේ පැවැත්වීමට නියමිතව ඇති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් නොලැබීම පිළිබද කණගාටු වන බව ශ්‍රී ලංකා විස්සයි 20 නායක ලසිත් මාලිංග පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා,
"මේක හොද අවස්ථාවක් විදියට අපි සලකනවා. අපි පළමු 9 දෙනාගේ කණ්ඩායම් අතරට ඒවි කියලා හැමෝම හිතාගෙන හිටියා. එත් අපිට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ලැබුණු අමතර තරගවලට අපි හොදට මුහුණ දෙන්න සුදානම්ව ඉන්නේ.
ඒ වගේම අපි අතර ශ්‍රේණිගත කිරීම්වල මුල් පෙලේ ඉන්න ක්‍රීඩකයෝ කිහිපදෙනෙකුත් ඉන්නවා. අපි අභියෝගවලට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ"
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් ද තම අදහස් දක්වා තිබෙනවා.
" අපිට මුල් කණ්ඩායම් 9 අතරට තේරී පත් වෙන්න බැරි උනාට අපි ගොඩක් විශ්වාසයෙන් ඉන්නේ මේ ලැබුණු තරගවලින් ජයගෙන තරගාවලිය ඇතුලට එන්න පුළුවන් වේවි කියලා. කොහොම උනත් අපි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලියක් දිනාගත්තා. ඔවුන් හිටපු විස්සයි විස්ස ලෝක ශුරයෝ. ඒ නිසා අපි ඉන්නේ හොද මානසික මට්ටමක".