විපක්ෂය ඉල්ලා සිටින පරිදි නව මහමැතිවරණයක් පැවැත්විය නොහැකි බව බංග්ලාදේශ ප්රධාන මැතිවරණ කොමසාරිස් නූරුල් හූඩා ප්රකාශ කළා.
පසුගිය ඉරිදා පැවති මහමැතිවරණයේදී අගමැතිනී ෂීක් හසීනා 4 වන වරටත් තේරී පත්වූ අතර, මැතිවරණ දිනයේ ප්රචණ්ඩ ක්රියාවලින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මැතිවරණයේ දූෂණ සිදුවූ බව පවසමිනුයි විපක්ෂය නව ඡන්දයක් ඉල්ලා සිටියේ.
එහෙත් අගමැතිනී ෂීක් හසීනා කියා සිටියේ මැතිවරණය නිදහස් සහ සාධාරණ ලෙසින් පැවති බවයි.
එමෙන්ම තමා සියල්ල සිදුකරන්නේ හෘද සාක්ෂියට අනුව රට වෙනුවෙන් බව ද ඇය අවධාරණය කළා.