Gossips

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) දිනයේ සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත්, 40ත් අතර වන අතර මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා ඉහළ යා හැකියි.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකියි.
එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බැවින් ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.