Gossips

තබ්බෝව අභයභුමියේදී තවත් සද්ධන්තයෙකුට වෙඩි

පුත්තලම, එළුවන්කුලම – තබ්බෝව අභය භුමියේ වන අලියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ඊයේ (31) උදෑසන වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් වෙඩි වැදී සිටි වන අලියාට ප්‍රතිකාර කර ඇති නමුත් එම සත්වයාගේ තත්වය ඉතා අසාධ්‍ය බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙම වන අලියාගේ සිරුරට වෙඩි පහරවල් 3 එල්ල වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් වනජීවී දෙපාර්තමේන්තුව සැකපළ කරන්නේ දඩයක්කරුවන් මෙම වන අලියාට වෙඩි තබා ඇති බවටයි.
කෙසේ වෙතත් පුත්තලම එළුවන්කුලම, රාල් මඩුව ගම්වාසීන් පවසන්නේ තබ්බෝව අභයභුමියේ සිටින වන අලින් තම ප්‍රදේශවලට පැමිණ අලාභ හානි සිදු කරන බවයි.