Gossips

කිම් ජොං අන්ගෙන් නව වසරේදී අනතුරු ඇගවීමක්

තමන් කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණයට කැප වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා.
එහෙත් ඇමරිකානු සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් එම මඟ වෙනස් විය හැකි බවයි ඔහු සිය නව අවුරුදු ප්‍රකාශයේදී සඳහන් කළේ.
උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශය කෙරෙහි ලොව පුරා විශේෂ අවධානයක් යොමු වී තිබුණා.
දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මඟට පිවිසෙන බව කිම් ජොං අන් ප්‍රකාශ කළේ 2018 නව වසර උදාවේදියි.
මෙවර සිය නව අවුරුදු ප්‍රකාශයේදී උතුරු කොරියානු නායකයා ඇමරිකාවට චෝදනා කළේ ලෝකය ඉදිරියේ තමන් වෙත ලබාදුන් පොරොන්දු ඔවුන් ඉටු නොකරන බවටයි.
කෙසේ නමුත්, න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොං අන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පසුගිය සති අන්තයේ ලිපියක් ද යොමු කර තිබුණා.
ඇමරිකානු ජනාධිපතිවරයා ද සදහන් කළේ මේ වසර මුලදී කිම් ජොං අන් සමඟ තවත් සමුළුවක් පැවැත්වීමට සූදානම් බවයි.