Gossips

දිය ඇල්ල ළඟ සෙල්ෆි ගන්න ගිය සිසුවා පහලට වැටී මියයයි

නිවාඩුවේ විනෝද චාරිකාවම මළගෙයක් කරමින් දිය ඇල්ල ළඟ සෙල්ෆි ගන්න ගිය සිසුවා පහලට වැටී මියයයි
සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගොස් දිය ඇල්ලකින් පහළට ඇදවැටී පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයෙන්.
මෙලෙස මියගොස් ඇත්තේ Rohon Mishra නමැති පාසල් සිසුවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඔහු විනෝද චාරිකාවක් අතරතුර Bhimkund දිය ඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
එහිදී ඔහු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ පය ලිස්සා ගොස් ජලයට වැටී තිබෙනවා.
කෙසේ වෙතත් සුළු මොහොතක් තම දිවි බේරාගැනීමට ජල රකුසා සමඟ සටන්වදින Rohon අවසානයේ ජලයේ සැඟව යනවා.
මේ වනතෙක් ඔහුගේ සිරුර හමුව නොමැති අතර පොලිසිය තවදුරටත් සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසර හයක කාලය තුළදී ලොව පුරා සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් පුද්ගලයන් 250 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.
පසුගියදා සිදුවූ එම අනතුර තවත් නරඹන්නෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගතකර තිබුනේ මෙලෙසින්.
සංවේදී දර්ශන සහිතයි.