Gossips

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 4ක් මරුට – 40ක් අතුරුදන්

මධ්‍යම රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ නිවහන් සහිත මහල් ගොඩනැගිල්ලක් ගෑස් පිපිරීමකින් කඩා වැටීම නිසා අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
තවත් 40 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද නව අවුරුදු උදාව ආසන්නයේ මෙම ඛේදවාචකය සිදුවූ ස්ථානයට පැමිණි බව සඳහන්.
පුද්ගලයන් 120 දෙනෙකු රැදී සිටි නිවහන් 48ක් මෙම ගොඩනැගිල්ල සමඟ කඩා වැටී තිබෙනවා.
ජීවිතාරක්ෂක මෙහෙයුම් දුෂ්කර වී ඇත්තේ මෙහි රාත්‍රියේ සෙන්ටිගේ‍්‍රඩ් අංශය ඍණ 17ක් තරම් අධි ශීත උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන්.