Gossips

බස් ගාස්තුවටත් මිල සූත්‍රයක් ඉල්ලයි

නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති එච්. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජුලි මාසයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බස් ගාස්තු සංශෝධනය එම නව ප්‍රතිපත්තිය යටතේ සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැදවුම්කරු විමුක්ති දුශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව බස් ගාස්තු ද වෙනස් විය යුතු බවයි.
ඒ සඳහා විද්‍යානුකූලව සකස් කළ මිල සූත්‍රයක් හඳුන්වාදීමට බලධාරීන් පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා.