Gossips

ශ්‍රී ලංකාවට 2020, 20 යි 20 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ වරම් අහිමි වෙයි

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට අහිමි වී තිබෙනවා.
තෝරා ගැනීමේ ක්‍රමවේදය අනුව තරඟාවලිය සඳහා ඍජු සුදුසුකම් ලබන්නේ සත්කාරක ඕස්ට්‍රේලියා සහ අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ පළමු කණ්ඩායම් නවය පමණයි.
ඉන් මුල් කණ්ඩායම් 8 මූලික තරඟ වටයකින් තොරව තරඟාවලියට ඇතුළත් වන අතර, අවසන් කණ්ඩායම් දෙකට තවත් කණ්ඩායම් 6 ක් සමඟ සුදුසුකම් ලැබීමේ තරඟාවලියකට සහභාගි විය යුතු වනවා.
ඒ අතුරෙන් කණ්ඩායම් 4 ක් ප්‍රධාන තරඟාවලියේ කණ්ඩායම් 12 ට ඇතුළත් වනු ඇති.