Gossips

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කලකිරීමක් ගැන හෙළිකරයි

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කලකිරීමක් ගැන හෙළිකරයි "
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් කළකිරීමෙන්
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් තමන් කලකිරීමෙන් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධයෙන්ද තමා තුළ ඇත්තේ කළකිරීමක් පමණක් බවයි.
තමාට අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදී තිබූ නමුත්, එය ඉටුනොවූ බවයි හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකර තීරණයක් ගන්නා බවද ඔහු කියා සිටියා.
මේ අතර, මසක් තුළ තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරද ප්‍රකාශ කළා.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ද ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ අවංක පුද්ගලයින් මෙන්ම වංචාකාරයන් ද සිටින බවයි.