Gossips

කැබිනට් ඇමති ධූරයක් නොලැබුනහොත් තීරණයක් ගන්නා බව එජාප මන්ත්‍රී රංගේ කියයි

මසක් තුළ තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
ආඩිගම සියඹලාවැව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ද අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ අවංක පුද්ගලයින් මෙන්ම වංචාකාරයන් ද සිටින බවයි.