Gossips

රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැඩ භාර ගැනීමට නිමල් සිරිපාලත් – නොදන්නා සිංහල කතා කිරීම විජයකලා ප්‍රතික්ෂේප කරයි

කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු අද සිය අමාත්‍ය ධුරවල වැඩ භාරගත්තා.
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් වැඩභාර ගත්තේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේදීයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ එම අමාත්‍යාංශයේදී අද වැඩභාරගත් අතර, එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය අර්ජුණ රණතුංග මෙන්ම හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාද එක්ව සිටීම විශේෂත්වයක්.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාසද විදුලිබල අමාත්‍යාංශයේදී අද වැඩ භාරගත් අතර, එම අවස්ථාවට අමාත්‍ය රවී කරුණානායද එක්ව සිටියා.
සෙත්සිරිපායේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී වඩිවේල් සුරේෂ් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ අද වැඩ භාර ගත්තා.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරයේ විජයකලා මහේෂ්වරන් අද ඉසුරුපායේදී අද වැඩභාරගත් අතර, එම අවස්ථාවට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද එක්ව සිටියා.
එහිදී දෙමළ භාෂාවෙන් මාධ්‍ය ඇමතීමෙන් අනතුරුව ඇමතිවරියගෙන් සිංහල භාෂාවෙන් අදහස් දක්වන ලෙස කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළා.
මේ අතර, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ වසන්ත අළුවිහාරේ සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයේ එච්.එම්.එම්.හාරිස් අද වැඩ භාර ගත්තා.