Gossips

ලක්ෂ 720 ක මුදල් වංචා චෝදනා එල්ල වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීට ඇප

අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ හත්සිය විස්සක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්ධන් ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් මිලියන 25 ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසටයි.
මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු ඊයේ දෙහිවල – දුම්රියපල පාරේ පිහිටි සිය නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා.