Gossips

ඩෙංගු මර්ධනයට සුදානම් වන්න – ඇමති රාජිත නිලධාරීන්ට උපදෙස් දෙයි

පවතින ඊසාන දිග මෝසම් වැසි හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි විය හැකි අතර එම තත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (27) පැවැති සාකච්ඡාවකදියි අමාත්‍යවරයා මේ බව පෙන්වා දී ඇත්තේ.
මෙම වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 49,132 ක් වාර්තා වී තිබෙනවා.
වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේ වන අතර එම සංඛ්‍යාව 7278 ක්.
දෙසැම්බර් මාසයේදී රෝගීන් 3127 ක් වාර්තා වී තිබෙනවා.
ඊසාන දිග මෝසම් වැසි මේ පවතින න බැවින් දෛනිකව ධුමායන කටයුතු සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා ඩෙංගු මර්දන ක්ෂේත්‍ර නිලධාරීන් 1500ක් යොදවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙහිදී මදුරු කීටයින් බහුලව සොයා ගන්නා ඉදිකිරීම් කළාපවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට ද නියමිතයි.
මේ අතර පාසල් නිවාඩු කාලය වෙනුවෙන් වසා දමා තිබූ පාසල් විවෘත කිරිමට පෙර ලබන 29,30 සහ 31 යන තෙදින පුරා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.