Gossips

තුනෙන් දෙකෙන් මැතිවරණය කඩිනම් කරන්න – පැවිදි හඬ ඉල්ලයි

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් යෝජනාවක් සම්මත කර කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස පැවිදි හඬ සංවිධානය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළා.
එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ජාතික සංවිධාන එකමුතුව ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සෙසු පක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කඩිනමින් සන්ධාන ගත විය යුතු බවයි.
මේ අතර, වියත් මඟ සංවිධානය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වත්මන් රජය, බලයට පත්වූ නව රජයක් ලෙස පෙනී සිටීමේ ව්‍යාජ රංගනයක යෙදී සිටින බවයි.