Gossips

වර්ෂාවත් සමඟ විෂබීජයක් ශරීර ගතවීමෙන් 9 හැවිරිදි දැරියක් මරුට

උතුර පලාතට පැවති අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ජල ගැලීම් සමඟ විෂබීජයක් ශරීර ගතවීමෙන් මුලතිව් – මුත්තයන්කට්ටු ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 23 වනදා 9 හැවිරිදි මෙම දැරිය උණ රෝගයක් වැළඳීම හේතුවෙන් මුලතිව් – මාන්චෝලේ රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය 25 වනදා මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වූයේ විෂබීජයක් ශරීර ගතවීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.