වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට කරනු ලැබූ ඉල්ලීමට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල්සාමි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පිහිටි කොංග්රස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
