Gossips

යුරෝපයේ රටවල් කිහිපයකින් – ශ්‍රී ලංකාවේ කරපිංචාවලට තහනමක්

හානිකර පලිබෝධයන් අන්තර්ගතවීම හේතුවෙන් ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට මෙරටින් කරපිංචා රැගෙන ඒම තහනම් කර තිබෙනවා.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ යුරෝපා සංගමයේ දැනුම් දීමකට අනුව ඉතාලිය, සයිප්‍රසය, ගී‍්‍රසිය සහ මෝල්ටා රාජ්‍යයට ශ්‍රී ලංකාවේ සිට කරපිංචා රැගෙන ඒම තහනම් කර ඇති බවයි.
පසුගිය නොවැම්බර් මාසයේ සිට ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් සිය ගමන් මළු තුල කරපිංචා රැගෙන පැමිණ ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඉතාලියේ කටානියා ගුවන් තොටුපලේදී සොයාගෙන ඇති බවයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.
අප මේ සම්බන්ධයෙන් ජාතික ශාක නිරෝධායතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චිගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ මෙම තහනම කඩිනමින් ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.