Gossips

වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්. දෙදෙනෙකු රෝහලේ

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
පොලීසිය පැවසුවේ එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකුට මෙම පහරදීම සිදුකර ඇති බවයි.
ඉන් තුවාලලැබූ සිසුන් දෙදෙනා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.