Gossips

ජනවරම ගැන සිතන්න අගමැති සැරසේ

පක්ෂයේ සහ ආණ්ඩුවේ වෙනස්කම් ජන වරම තුළ රැදෙමින් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ අද (23) පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා යන එම පක්ෂයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියා.
පක්ෂයේ සහ ආණ්ඩුවේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබූ අතර, දින 03 ක් ඇතුළත ජනතා සුබසාධන සැලැස්මක් ඇතුළු යෝජනා ඇතුළත් වාර්තාවක් ලබාදීමටද මෙහිදී එකඟත්වය පළව ඇති බව සඳහන්.