Gossips

ජා ඇළදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ

ජාඇළ – දකුණු නිවන්දම ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු සිය නිවස තුළදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.