Gossips

වියට්නාම ජාතිකයින් 152 ක් තායිවානයේදී අතුරුදන්

සංචාරක වීසා මත පැමිණි වියට්නාම ජාතිකයන් 152 කු අතුරුදන්වී ඇති බව තායිවාන බලධාරීන් පවසනවා.
පසුගිය 21 සහ 23 යන දිනවල පැමිණි මෙම පිරිස තායිවානයේ දකුණුදිග ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තාවූවත් මේ වනතෙක් ඔවුන් රටින් පිටව ගිය බවට තොරතුරක් වාර්තාවී නැහැ.
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තායිවානය ආසියාතික රටවලින් පැමිණෙන සංචාරකයන්ට ගාස්තු රහිත වීසා ලබාදීම හේතුවෙන් විශාල පිරිසක් මෙලෙස පැමිණෙන බවටයි එරට බලධාරින් පවසන්නේ.
මෙලෙස පැමිණෙන පිරිස් නීත්‍යානුකූල නොවන ලෙස රැකියාවල නිරත වන බවට කරන ලද පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.