Gossips

අමුතුම භාණ්ඩයක් අරන් යතුරු පැදියෙන් ඉගිලෙන්න ගිය දෙන්නා අන්තිමට නතරවූ තැන

අමුතුම භාණ්ඩයක් අරන් යතුරු පැදියෙන් ඉගිලෙන්න ගිය දෙන්නා අන්තිමට නතරවූ තැන "
සැකකටයුතු භාණ්ඩයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාරම්මලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ප්‍රවාහනය කළ භාණ්ඩය පුරාවිද්‍යා භාණ්ඩයක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සැකකරුවන් දෙදෙනා කොටදෙනියාවේ සිට නාරම්මල දක්වා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් දෙදෙනාගේ කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ භාණ්ඩය වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව අදාළ පුද්ගලයා සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් දෙදෙනා ලබන ජනවාරි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
නාරම්මල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.