Gossips

තලවාකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේ පාලමක් යටින් මතුවූ අභිරහස් මළසිරුර

තලවාකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී නාදුනන මළ සිරුරක් හමු වී තිබෙනවා.
අද (27) උදෑසන පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මළසිරුර දුම්රිය ස්ථානය ආසන්නයේ පාළමක් යට තිබී සොයාගෙන ඇත්තේ.
මියගිය පුද්ගලයා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවයි තලවාකැලේ පොලිසිය ප්‍රකාශ කරන්නේ.
කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණ අද උදෑසන සිදු කර ඇති අතර තලවාකැලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.