Gossips

අලව්වේදී නිධන් හෑරූ 6 දෙනෙකු අත්අඩංගුවට

අලව්ව – කැබෑල්ලෑවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අලව්ව පොලීසියට ලද තොරතුරක් මත එහි නිලධාරී කණ්ඩායමක් මෙම සැකකරුවන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් සතුව තිබූ කැණීම් කටයුතු සඳහා උපයෝගී කරගන්නා ඩෙටනේටර් 10ක්, ඇමෝනියා ග්‍රෑම් 600 ක්, පොළොව විදීමට උපයෝගී කරගන්නා යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 28 සහ 50 අතර වයස්වල පසුවන කොච්චිකඩේ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ සහ අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන්.