Gossips

සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය රුසියාව හෙළා දකී

ඊශ්‍රායල හමුදාව විසින් සිරියාවේ ඩැමස්කස් නුවරට එල්ල කළ මිසයිල ප්‍රහාර රුසියාව හෙළා දැක තිබෙනවා.
ඊශ්‍රායල හමුදාව එල්ල කළ මෙම ප්‍රහාරවලින් බොහොමයක් වළක්වා ගැනීමට සිරියානු ගුවන් හමුදාව සමත්ව තිබුණා.
රුසියාව තමන්ට ලබාදුන් මිසයිල නාශක අවි හේතුවෙන් ඊශ්‍රායලය ප්‍රහාර වළක්වා ගැනීමට හැකිවූ බවයි සිරියානු බලධාරීන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් සිරියාවේ කටීපා හි පිහිටි රජයේ ආයුධ ගබඩාවක් ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් විනාශ වී තිබුණා.