Gossips

දුම්රිය වර්ජනය නවතී

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙදින වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමිනුයි දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හල බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියා.