Gossips

මහින්ද ගැන සුමන්දිරන් ජාත්‍යන්තරයට යැවූ ලිිපියක් ගැන පොහොට්ටුව හෙළි කරයි

ජාත්‍යන්තර බලවේගවලට පාර්ලිමේන්තු කටයුතුවලටද බලපෑම් කළ හැකි තත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව විපක්ෂ නායකවරයා ලෙස පිළිනොගන්නා ලෙස දන්වමින් හදිසියේ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමුකර ඇති බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.