පසුගිය දේශපාලන අර්බුදය විසඳීමේ ගෞරවය තම සන්ධානයටද හිමි වන බව, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසනවා.
ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතා අනුස්මරණය කිරීම සඳහා මඩකලපුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළා.
– සුමන්දිරන්
– අපි මේ රටේ ජනතාව කියලා කියනවා නම් රට් ආරක්ෂා කිරීමේ ලොකු වගකීමත් අපිට තියෙනවා. ඒ වගකීම අපි හරියට ඉටු කළා. දෙමළ ජාතික සන්ධානය තමන්ගේ වගකීම හරියට ඉටු කළා කියලා දකුණේ දේශපාලන ක්ෂේත්‍රයෙත් කතා වෙනවා. රට ආරක්ෂා කිරීමේ ගෞරවය අපිටත් හිමිවෙනවා කියලා බොහෝ අය කියනවා. අපි ශ්‍රී ලාංකිකයින් නම් මේ රට නැවත ඒකාධිපති පාලනයකට යාම නතර කිරීම අපේ වගකීමක්. අපි තනි රටක් ඉල්ලන්නේ නැහැ. ඒකීය රාජ්‍යයක් තුළ අපිට බලය ලබා දිය යුතුයි. ඒකීය රටක් තුළ අපිට විසඳුමක් ඕනේ කියලයි අපි ඉල්ලන්නේ. ඒකට අපිට ජාත්‍යන්තර සහයත් තියෙනවා.