Gossips

එදා ලෝකෙම කතා වූ බේබි 81 අද කියන කතාව

අද වනවිට එම නාමය අමතකව ගියත්, මීට වසර 14 කට පෙර බේබි 81 යනු, සුනාමි ව්‍යසනය තරමටම මුළු ලොවම කථා කළ මාතෘකාවක්.
මේ, හිරු ඒ පිළිබදව තබන සටහනක්.
බිහිසුනු සුනාමි රළ පහර මෙරට බොහෝ දෙමාපියන්ට තම දරුවන් අහිමි කරද්දී, එම රළ පහරේ ගසා ගෙන විත් පදුරක් අසල රැදුනු මෙම බිළිදා කල්මුනේ
රෝහලට රැගෙන එන්නේ ගිලන් රථයකින්.
ඒ වනවිට මාස දෙකක වයසැති මෙම බිළිදා කල්මුනේ රෝහලට ඇතුලත් වන්නේ 81 වැනි රෝගියා ලෙසයි.
ඒ අනුව නමක් ගමක් නොදත් මෙම බිළිදා මුළු ලොවම හදුනාගන්නේ බේබි 81 යන නාමයෙන්.
දෙමාපියන් නොමැති දරුවෙකු කල්මුනේ රෝහලේ සිටින බවට තොරතුරු සැලවීමත් සමග මව්වරුන් 09 දෙනෙකු මෙම බිළිදාට අයිතිවාසිකම් කීමට
ඉදිරිපත් වනවා.
දරුවාගේ නියම දෙමාපියන් කවුදැයි හදුනාගැනීම සදහා කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණය ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට නියෝග කරන්නේ ඒ අනුවයි.
මේ සිදුවීම්දාමයත් සමග, මුළු ලෝකයේම අවධානය බේබි 81 වෙත යොමුවන අතර, බිළිදාගේ සැබෑ මව්පියන් තහවුරු වීමෙන් පසු ඔවුන්ව ඇමරිකාවේ
රූපවාහිනී වැඩසටහනක් සදහා ද එක්කර ගත්තා.
බේබි 81 ලෙස මුළු ලොවක් හදුනාගත් ඔහු නමින් ජෙයරාජ් අභිලාෂ් වන අතර මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 14 ක්.
සුනාමි රළ පහරේ අතරමංවුවත්, තම වාසනාවට යළි මාපිය රැකවරණය ලැබීමට පැමිණි අභිලාෂ් හෙවත් බේබි 81 දෙමාපියන් හා තම එකම නැගණිය සමග සුනාමියෙන් මිය ගිය පිරිස සිහි කිරීමට ද අමතක කලේ නැහැ.