Gossips

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස්

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනම් කරන ලෙස කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථීක කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් උපදෙස් ලබාදී තිබෙනවා.
අද ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම සඳහා අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කළ යුතු බවයි.
දැනට අභ්‍යන්තර ජලාශ සහ කුඩා වැව් 27,000 ක් පමණ රට පුරා පැවතියත්, ජනතාවගේ මත්ස්‍ය පරිභෝජනය නිසි පෝෂණ මට්ටම සපුරාලීමට තරම් ඉහළ මට්ටමක නොපවතින බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක තවදුරටත් දැක්වුණේ.