Gossips

සෙල්ෆි ගැනීමට ගොස් ඇල්ලට වැටුණු තරුණයන් දෙදෙනාගේ සිරුරු හමුවේ

සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී බණ්ඩාරවෙල – බඹරගම දියඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
නාවික හමුදා කිමිඳුම්කරුවන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මෙම මළ සිරුරු සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ තවත් පිරිසක් සමඟ එහි ගිය අවස්ථාවේ ඇල්ලට වැටී දියේ ගිලී තරුණයින් තුන්දෙනෙකු අනතුරට ලක්වූ අතර, එහිදී එක් අයෙකු දිවි ගලවාගෙන තිබුණා.
අතුරුදන්ව සිටි තරුණයින් දෙදෙනා විස්ස සහ විසි එක වයස්වල පසුවන කැප්පෙටිපොල – දිවුරුම්වෙල සහ හීල්‍ඔය – උඩඅරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.