Gossips

උතුරේ 8,600ක් තවමත් සුබසාධන කඳවුරුවල

පළාත් 3 කට බලපෑම් එල්ල කළ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව 87,693 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඉන් 86,751 දෙනෙකු වාර්තාවන්නේ උතුර පළාතෙන්. පුද්ගල මරණ දෙකක් වාර්තාවී ඇති අතර, නිවාස 89 කට පූර්ණ හානි සිදුවී තවත් 1308 කට අර්ධ හානි සිදුව තිබෙනවා.
සුබසාධන කඳවුරු 24 ක උතුර පළාතේ පුද්ගලයන් 8,683 දෙනෙකු රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
අයහපත් කාලගුණයෙන් මධ්‍යම පළාතේ පුද්ගලයන් 890 දෙනෙකුද, වයඹ පළාතේ පුද්ගලයන් 52 කුද පීඩාවට පත්වී ඇති බව සඳහන්.