Gossips

ඉදිරි පැය හය තුළ පළාත් කිහිපයකට තද වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 6 ක කාලය තුළ මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි පවතින අවස්ථාවල එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.