Gossips

බණ්ඩාරවෙල කුඩල් ප්‍රදේශයේ කළ සොරකම අන්තිමට නතරවූ තැන

බණ්ඩාරවෙල කුඩල් ප්‍රදේශයේ වෙළඳසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
ඔවුන් වයස අවුරුදු 16, 17 ක් හා 21 හැවිරිදි වියේ පසුවන තරුණයන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.
පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී සැකකරුවන් දෙදෙනෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එක් සැකකරුවෙකු සොරකම් කළ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (25) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ඇල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
අදාල සොරකම සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු වෙළදසැල අසල සවිකර තිබූ cctv කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.