Gossips

බ්‍රිතාන්‍ය තරුණියකට අතවර කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

හැටන් – කාසල්රී ජලාශය අසල නවාතැන්පළකදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 හැවිරිදි මෙම තරුණිය සහ ඇයගේ පෙම්වතා නවාතැන්ගෙන සිටි ස්ථානයේ සැකකාර තරුණයන් දෙදෙනා ද නවාතැන් ගෙන ඇති බව සදහන්.
පසුව මෙම පිරිස ඊයේ රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා. අලූයම බ්‍රිතාන්‍ය යුවලගේ කාමරයට පැමිණි තරුණයන් දෙදෙනා තරුණියට දැනුම්දී ඇත්තේ කාමරයෙන් පිටතට පැමිණෙන ලෙසයි.
එලෙස පැමිණි අවස්ථාවේදී මෙම තරුණියින් ඇයට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී
බියට පත්වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණිය කෑ ගසා හෝටල් කළමනාකාරිත්වය දැනුවත් කර ඇති බව සදහන්.
පසුව, පොලීසිය පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කළා.