Gossips

අනතුරු හේතුවෙන් පුද්ගලයින් 548 දෙනෙකු කොළඹ ජාතික රෝහලට

පසුගිය දෙදින තුළ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 548 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 13 ක වැඩිවීමක් බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
රිය අනතුරු හේතුවෙන් ද පුද්ගලයින් 163 දෙනෙකු එම කාලසීමාවේදී ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 18 ක වැඩිවීමක්.
කෙසේ වෙතත්, ගිනි කෙළි අනතුරුවලට ලක්වූවන් කිසිවෙකුත් මෙම කාලසීමාවේදී රෝහලට ඇතුලත් නොවීම විශේෂත්වයක් බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයා කියා සිටියේ.